විදෙස් පුවත්

ලොව සාර්ථක ලෙස කොරෝනා මර්ධනය කළ රටකිනුත් යළිත් කොරෝනා මතු වෙයි

ඉකුත් (27) වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ වර්තාවකට අනුව කොවිඩ් 19 වෛරසය සාර්ථකව මැඩපැවැත්වූ රටවල් 05 ක් නම්කර තිබිණි.

ඉන් එක් රටක් වූයේ චීනයේ අසල්වැසි රටක් වන වියට්නාමය වේ.

ඊයේ (31) වනතෙක් වියට්නාමයෙන් කිසිදු මරණයක් වාර්තා වී නොතිබූ නමුත් මේ වනවිට එරටින් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මරණ දෙකක් සිදුව ඇති බව වාර්තා වී තිබේ.

වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය ද එකවරම ඉහළ ගොස් තිබෙන අතර ජුලි 29 වැනිදා දක්වා එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 459 කි.

කෙසේ නමුත් පෙරේදා සහ ඊයේ යන දිනවලදී පිළිවෙලින් 50 ක් හා 37 ක් බැගින් ආසාදිතයන් හමුව ඇත.

මේ දක්වා එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 558ක් වන අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 183 කි.

චීනයේ පිටතට වෛරසය ව්‍යාප්තවීමත් සමග වියට්නාම බළධාරීන් දැඩි පියවර ගනිමින් රට වසා තැබීමට කටයුතු කළ අතර මේ නිසා එරට තුළ වෛසරය ව්‍යාපත්වීම බරපතල ලෙස පාලනය විය.

නැවතත් රට විවෘත කිරීමත් සමගම එරට තුළ ක්‍රමයෙන් වෛරසය ව්‍යාප්ත වෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published.

Back to top button