ක්‍රීඩා පුවත්

ලොව බොහෝ පිතිකරුවන් තම වේග පන්දුවෙන් දණ ගැස්සු කුලේට ලැබුණ අලුත් තනතුර මෙන්න

හිටපු වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකර එළැඹෙන එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී මහනුවර ටස්කර්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා වශයෙන් පත්කර තිබේ. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසුව පුහුණුකරුවකු වශයෙන් ඔහු කටයුතු කරන පළමු අවස්ථාවද මෙය වේ.
38 හැවිරිදි වියේ පසුවන නුවන් කුලසේකර 2005 වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ අතර ඔහු 21 කදී කඩුලූ 48 ක් සහ පිතිකරුවකු වශයෙන් ලකුණු 391 ක් ලබා ගෙන තිබේ. 2003 වසරේදී එක්දින වරම් ලැබූ කුලසේකර එහිදී එක්දින තරග 184 කදී කඩුලූ 199 ක්ද පිතිකරුවකු වශයෙන් අර්ධ ශතක හතරක් සමග මුළු ලකුණු 1327 ක්ද ලබා තිබේ.


විස්සයි විස්ස තරග 58 ක් ක්‍රීඩා කර ඇති කුලසේකර එහිදී දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 66 කි. 2017 වසරේදී සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කර ඇති නුවන් කුලසේකර ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන් අතර පළමු තැනට පත්වූ එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නාද වේ.
කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමට ක්‍රිස්ගේල්, ඉර්ෆාන් පතන්, කුසල් මෙන්ඩිස් යන සුපිරි ක්‍රීඩකයන් ඇතුළත් වන අතර එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් හෂාන් තිලකරත්න කටයුතු කරනු ලබයි. කළමනාකරු වශයෙන් ෆර්වීස් මහරුෆ් පත්කර ඇත.
 ‍ෙමහනුවර කණ්ඩායමේ වේග පන්දු යවන්නන් වශයෙන් නුවන් ප්‍රදීප්, වහබ් රියාස් සහ ලියම් ප්ලන්කට් යන ක්‍රීඩකයන් කටයුතු කරනු ලබයි. එල්.පී.එල්. තරගාවලිය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මෙම මස අගදී ආරම්භ කිරීමට තරග සංවිධායකයන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ඩුබායි අයි.පී.ජී. ආයතනය කටයුතු කරමින් සිටියි.

 

ෙසෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් ලැබීම මත  සියලූම තරග සූරියවැව  මහින්ද රාජපක්ෂ  ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ අනුව පුහුණුවීම්ද එම  ක්‍රීඩාංගණයේදීම සිදු කිරීමට නියමිතව තිබේ. ගෝලීය වසංගතය හමුවේ මෙම තීරණය ගත් අතර කණ්ඩායම් පහක් තරග වදින එල්.පී.එල්. තරගාවලිය මෙම මස 27 හෝ 28 වනදා ආරම්භවීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button