විදෙස් පුවත්

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි

උතුරු කොරියානු නායකයා න්‍යෂ්ටික බලය පෙන්වීමට සැරසේ

AV Rase

පසුගිය කාලය තුළ ජනතාව අතරින් ඈත්ව සිටි උතුරු කොරියානු නායක කිම් ජොං අන් න්‍යෂ්ටික බලශක්තිය පිළිබද සාකච්ඡාවකට සහභාගි වූ අයුරු එරට රාජ්‍ය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

උතුරු කොරියානු කම්කරු පක්ෂයේ බලගතු මධ්‍යම හමුදා කොමිසම මෙලෙස ඊයේ රැස්ව ඇති අතර, ඊට කිම් ජොං අන් සහභාගි වී ඇත්තේ මුව ආවරණයකින්  තොරවයි.

ඇමරිකාව සමඟ න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා අඩාල වීමෙන් අනතුරුව පැවති මෙම සාකච්ඡාවේදී උතුරු කොරියානු නායකයා අවධාරණය කළේ තම රට වෙත එල්ල වන සුළු හෝ තර්ජනයක් වැළැක්වීම සඳහා හමුදා බලය ශක්තිමත් කළ යුතු බවයි.

එහිදී න්‍යෂ්ටික අවි බලයෙන් තවදුරටත් සන්නද්ධවීම පිළිබදව සාකච්ඡා කළ බවයි උතුරු කොරියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකිරීම පිළිබදව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය සාකච්ඡා කර ඇති බවද වොෂින්ටන් පෝස්ට් පුවත්පත අනාවරණ කළා.

1992 වසරෙන් පසු ඇමරිකාව න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකර නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button