ලොරියක් මතට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටී දෙදෙනෙකු මියයයි

මාතලේ – මහවෙල – මඩවලඋල්පත – අංකන්දවත්ත ප්රදේශයේදී කොස්ගසක අත්තක් සමග අධිබලැති විදුලි රැහැනක් ලොරි රථයක් මතට කඩා වැටී සිදුවූ අනතුරකින් අද පෙරවරුවේ තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
කොස් සහ පොලොස් අලෙවි කිරීම ජිවිකාව කර ගත් තරුණයින් තුන් දෙනෙකු පෞද්ගලික ගොවිපලක කොස්ගසක් ආසන්නයේ තම ලොරි රථය නවතා කොස් කැඞීමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුරට මුහුණපා ඇත්තේ්.
උදෑසන පැවති තද සුළං තත්ත්වයත් සමග අදාළ කොස්ගසෙහි අත්තක් කඩා වැටී ඇති අතර, එය අධිබලැති විදුලි රැහැනක ගැටී තිබෙනවා.
එම අවස්ථාවේ කඩා වැටුණු කොස් අත්ත ලොරි රථය මත නැග කොස් කැඞීම සඳහා සූදානම් වූ එක් තරුණයෙකුගේ සිරුර මතට පතිත වීමත් සමග එම තරුණයාට විදුලිසැර වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ ආසන්නයේ සිටි අනෙක් තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු විදුලිසැර වැදී සිටි තම මිතුරා මුදා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී ඔහුට ද විදුලිසැර වැදී තිබෙනවා.
විදුලිසැර වැදීමෙන් මියගොස් ඇත්තේ මහවෙල – සැලගම ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි එක්දරු පියෙකු සහ 24 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.
කෙසේ වෙතත් අනෙක් තරුණයා එම ස්ථානයෙන් දිව ගොස් දිවි ගලවාගෙන තිබුණා.