ලාංකික සම්භවයක් ඇති තරුණියකුත් නවසීලන්ත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාව උදා වී තිබේ.
නවසීලන්තයේ උන්මාදය ලෙස සැලකෙන ජසින්ඩා ආර්ඩන් අගමැතිවරියගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇයට මෙම අවස්ථාව උදා විය.
මෙලෙස නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාව බවට පත්වුණේ වනුෂි වොල්ටර්ස් ය.
නවසීලන්තයේ වයඹ දිග ඕක්ලන්ඩ් හී ඉහළ වරාය ප්‍රදේශය ජයගනිමින් මෙලෙස ඇයට පාර්ලිමේන්තු වරම් හිමිවිය.
ජාතික අපේක්ෂකයෙකු ලෙස මෙම මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු තාක්ෂණික විධායක ප්‍රධානියෙකු මෙන්ම හැමිල්ටන් හී ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ජේක් බෙසන්ට්ව පරාජය කරමින් වනුෂි මෙලෙස නවසීලන්ත පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගත්තා ය.
එහිදී වනුෂි මනාප 14,142ක් ලබාගත් අතර බෙසන්ට් ට ලබාගත හැකිවූයේ මනාප 12, 727ක් පමණකි.
වනුෂි වෘත්තීයෙන් මානව හිමිකම් පිළිබඳ නීතිවේදිනියක වන අතර මානව හිමිකම් කොමිසමේද සාමාජිකාවකි.