ක්‍රීඩා පුවත්

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය ගැන ගත් අලුත් තීරණය මෙන්න.

යෝජිත ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියේ සියලූ‍ තරග ක‍්‍රීඩාංගන දෙකකදී පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේ දී එම තරගාවලියේ තරග 23 ම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. මීට පෙර රංගිරි දඹුල්ල ක‍්‍රීඩාංගනයේ දී ද මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබුණා.

තරගාවලියට සදහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීම එළඹෙන 19 වනදා සිදු කිරීමට ද නියමිතව තිබෙනවා. ඒ සදහා විදෙස් ක‍්‍රීඩකයින් 75 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් සදහා කණ්ඩායම් පහක් එක් වන අතර එක් කණ්ඩායමකට විදෙස් ක‍්‍රීඩකයින් 6 දෙනෙකු එක් කර ගැනීමට නියමිත අතර ඒ අනුව විදෙස් ක‍්‍රීඩකයින් 30ක් එම තරගාවලියට එක්වනු ඇති.

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය නොවැම්බර් 21 වනදා ආරම්භ කිරීමටයි දැනට සැලසුම් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button