දේශීය පුවත්
රෝහල් ගණනාවක් ධාරිතාව ඉක්මවා යයි. සෞඛ්‍ය පද්ධතිය උපරිම සීමාවේ.

කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති රෝහල් 12 තුළ පවතින ඇඳන් ධාරිතාව වේගයෙන් පිරී යමින් පවතී.
වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව පවසන්ෙන් ආසාදිතයන් වෙනුවෙන් වෙන්කර ඇති ඇඳන් 1503 සම්පූර්ණ වී ඇති බවයි.

දැනමත් ජාතික උණ රෝහල, වැලිකන්ද රෝහල, කඹුරුගමුව රෝහල ඇදන් ප‍්‍රමාණය ඉක්මවා රෝගීන් ඇතුලත් කරගෙන ඇත.
මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ඇඳන් සංඛ්‍යාව 3000 දක්වා වර්ධනය කිරීමට හැකියාවක් තිබෙන බවකි.
Source : lankaCnews