රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින්ට විශේෂ මධ්‍යස්ථාන

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් රෝහල්ගත කිරීමකින් තොරව විශේෂ මධ්‍යස්ථානවල රැඳවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, නිරෝධායන මධ්‍යස්ථාන ඒ සඳහා යොදා ගැනීමට සැළසුම් කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා,
“ස්වයං නිරෝධායනය තුළින් අපි හඳුනාගන්නා රෝගීන් තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළු කිරීම සිදුකරනවා. ඉදිරියේ දී භාහිරයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැති රෝගීන් රෝහලක් නොවන නිරීක්ෂණ මධ්‍යස්ථානයක රඳවා තබාගෙන අවශ්‍ය කටයුතු කිරීමට අපි සැළසුම් කරලා තියෙනවා. මේ ආකාරයට අපිට හමුවන සියලුම රෝගීන් මනාව කළමනාකරණය කරලා, අපිට හමුවෙච්ච විශාලම පොකුර, මනාව පාලනය කරලා නැවතත් හැකි ඉක්මනින් රට යථා තත්ත්වයට පත්කිරීම තමයි අපගේ පරමාර්ථය වන්නේ.”