රේගු පරීක්ෂකවරු දෙදෙනෙක්ට කොවිඩ්

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
ඒ මහතා පවසා සිටියේ, NTC ගේට්ටුවේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා,
“ශ්‍රී ලංකා රේගුවේ වරායේ සිට භාණ්ඩ නිශ්කාෂණය කරන මධ්‍යස්ථානවලට යන ප්‍රධාන ගේට්ටුව අපි NTC ගේට්ටුව කියලා හඳුන්වනවා. ඉඟුරුකඩේ හංදිය ආශ්‍රිතව තමයි වරායේ ප්‍රධාන දොරටුව තියෙන්නේ. මේ දොරටුවේ සේවයේ නියුතු රේගු පරීක්ෂක මහත්වරු දෙදෙනෙකුට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. දැනට රෝහල් ගත කරලා තියෙන්නේ. ඔවුන් කොළඹ හා ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන්. කොවිඩ් මුල් අවදියේ කරා වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ, බෙහෙත් වගේ දේවල් ආයෝජන කලාපවලට යනවා. අමුද්‍රව්‍ය වැනි දෑ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිශ්කාෂණය කිරීමට ප්‍රමුඛතාවය දෙමින් අනෙකුත් සාමාන්‍ය භාණ්ඩ යම් කිසි සීමා කිරීමට ලක්කිරීමට අපි බලාපොරොත්තු වෙනවා අද දින සිට. “