රිෂාඩ් අත්අඩංගුවට ගැනීමට පොලීසියට තවමත් නොහැකි වෙයි

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පුළුල් පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මකයි.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පොලිස් කණ්ඩායම් 06 ක් ද යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
ඒ අනුව එම පොලිස් කණ්ඩායම් 02 ක් ඊයේ රාති‍්‍රයේම කොළඹ හා මන්නාරම ප්‍රදේශවල පිහිටි හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අයත් නිවාස 02 ක් වෙත පිටව ගොස් තිබුණා.
අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා,පොලීසියට උපෙදස් ලබා දුන්නේ ඊයේ දිනයේදීයි.
එහෙත්, එලෙස වරෙන්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.
ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා, පොලීසියට ඊයේ උපදෙස් ලබා දුන්නා.