දේශීය පුවත්

රිය අනතුරකින් අපේක්ෂක අශෝක වඩිගමංගාව මියයයි

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂක හිටපු අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද සවස වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදී අශෝක වඩිගමංගාව මහතා ගමන් කරමින් තිබූ මෝටර් රථය සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

AV Rase

අනතුරින් බරපතල තුවාල ලැබූ වඩිගමංගාව මහතා වාරියපොල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මෘත ශරීරය වාරියපොල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button