දේශීය පුවත්
රියදුරු බලපත්‍ර ලබාදීම පූර්ණ වෙනසකට ලක්කිරීමට සැලසුම්
Plans to completely change the issuance of driving licenses

රියදුරු බලපත්‍රය ලබා දීමේ වැඩපිළිවෙලට අදාල ව්‍යූහය සම්පූර්ණ වෙනසකට ලක්කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා.
මේ අනුව රියදුරු බලපත්‍රය අයදුම් කිරීමේ ක්‍රියාවලියේ සිට අවසන් අදියර දක්වා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල ලබන වසරේදී පූර්ණ වෙනසකට ලක්කිරීමට සැලසුම් කර ඇති බවයි අද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල් වරයා සඳහන් කළේ.
2015 වසරේදී රාජ්‍ය සේවකයන් සඳහා ලබා දුන් යතුරුපැදි වසර 5ක කාලය අවසන්වීමෙන් පසුව ඒවායේ අයිතිය ඔවුන් වෙතම පැවරීමේ වැඩපිළිවෙල අද මහනුවරින් ආරම්භ කෙරුණා.