දේශීය පුවත්
රාජ සභාව කැඩූ කුරුණැගල නගරාධිපති ඇතුළු පහකගේ නඩු ගාස්තු නගර සභාවෙන්

කුරුණෑගල බුවනෙකබාහු රාජසභා මණ්ඩපයේ කොටසක් කඩා දැමීම සම්බන්ධයෙන් වන නඩු සඳහා අවශ්‍ය නඩු ගාස්තු නගර සභාවෙන් ලබාගැනීමට අදාළ යෝජනාවක් නගර සභාවේදී සම්මත වී තිබේ.
මෙම නඩු කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු එහි පස් දෙනෙකුට එරෙහිව පවතී.

කුරුණෑගල මහනගර සභාව ඊයේ (17) රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනා සම්මතර කරගෙන තිබේ.
යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 13 දෙනෙක් සහයා දක්වා අති අතර තිදෙනෙකු විරුද්ධතාව ප්‍රකාශ කර ඇත.
කුරුණෑගල නගර සභාවේ මුදලින් නඩු කටයුතු සඳහා රුපියල් 2,180,000ක මුදලක් මේ අනුව ගෙවීමට අදාළ යෝජනා සම්මත කරගෙන තිබේ.