දේශීය පුවත්

රාජිතගෙන් චන්න ජයසුමනට ෆේස්බුක් දේශනාවක්

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථා සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ නැමැත්තා විසින් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ පළකර ඇති සටහනක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සිය මුහුනුපොතේ සටහනක් එක්කර තිබෙනවා.

මිනිසෙක් හෝ ආයතනයක් හෝ රජයක් හෝ වේවා ආඩම්බර විය යුත්තේ ‘තමන් විසින් සිදුකළ හඳුන්වා දුන් සේවාවන් හෝ ආරම්භ කළ නිෂ්පාදන’ පිලිබඳව මිස, අනුන් ආරම්භ කළ දේ තම නමට ලියාගැනීමෙන් නොවන බවයි ඔහු එමඟින් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඖෂධ සහ සේලයින් නිපදවීමට ආරම්භ කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනෙක චන්න ජයසුමන ද අදහස් දක්වා සිටියා.

වසර 2015 දි වෛද්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර ගන්නා විට ශ්‍රී ලංකාවේ (දේශීය) ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිසිවක් තිබුනේ නොමැති බවයි එම සටහනේ සඳහන් කර ඇත්තේ.

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් සහිතව සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගත් වෛද්‍ය රාජිත, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ සිසුවෙක් වීමේ අමතර හේතුවද සහිත වූවෙකි.

ඔහු විසින් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා 36ක වැඩ ආරම්භ කිරීමට කටයුතු යොදන අතර වසර 2019 අවසාන වන විට, ඉන් 18ක වැඩ අවසන්ව නිෂ්පාදන කටයුතු සිදුකරමින් සිට ඇත.

අත්‍යාවශ්‍ය ඖෂධ රැසක්, කාලයක් තිස්සේ එම නිෂ්පාදනාගාර තුල නිෂ්පාදනය වන බවත් ඔහු එමඟින් සිහිපත් කර ඇත.

සංවාදයට ලක්වන, සේලයින් නිෂ්පාදනාගාරයේ වැඩ ආරම්භ වුයේ ද රාජිත සේනාරත්නගේ මගපෙන්වීම යටතේ මීට වසරකටත් පෙර වන අතර
එය පිහිටා තිබෙන්නේ මහනුවර ප්‍රදේශයේයි.

මෙම වසරේ මැයි මාසයේ එහි වැඩ අවසන් වී නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට නියමිතව තිබු අතරම පිළිකා ඖෂධ නිෂ්පාදනාගාරයේ වැඩ අවසන්ව දැනට මාස 08ක් පමණ ගතවී ඇති බවත් ඊට WHO ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේඥයන්ගේ සහතිකය ලැබී ඇතත්, NMRA ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තවමත් ලැබී නොතිබීම නිසා නිෂ්පාදන කටයුතු ආරම්භ වීම ප්‍රමාද වෙමින් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button