දේශීය පුවත්

රාජාංගණය සංචරණය මුළුමනින්ම අත්හිටුවයි – ඊයෙත් නව ආසාධිතයින් 29ක් සොයා ගනී

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධනය වූ නව ආසාධිතයන් ගණන 29 දෙනෙක් ඊයේ දිනයේ දී හමුව තිබෙනවා.

ඒ අතුරින් 14 දෙනෙක් කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සහ තවත් 11 දෙනෙක් සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ රෝගීන් බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව ඊයේ දිනයේ දී රාජාංගනයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් සහ මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙකුටද වෛරසය වැලදි ඇති බව තහවුරු වුණා.

මේ වන විට කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ආසාධිතයන් 519 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

කන්දකාඩු සහ සේනපුර මධ්‍යස්ථානවල රැඳවියන් 440 දෙනෙක්ද, එහි කාර්ය මණ්ඩලයේ 47 දෙනෙක්ද සහ රැඳවියන් සහ කාර්ය මණ්ඩලවල සාමාජිකයින්ගේ ආශ්‍රිතයන් 32 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රීය වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාධිතයන් ගණන 2646ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල්වල 654 දෙනෙක් ප්‍රතිකාර ලබන අතර වෛරසය ආසාධනය වී පුර්ණ සුව වූ ගණන 1981 ක් ලෙසයි සඳහන් වන්නේ.

වෛරසය ආසාධනය වී ඇති බවට සැක සහිත මේ වන තෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 112ක් වනවා.

මේ අතර කොරෝනා ආසාධිතයන් හමුවීම හේතුවෙන් රාජාංගණය යාය 01 – 03 සහ 05 කලාපවල සංචරණය මුළුමනින්ම අත්හිටුවීමට සෞඛ්‍ය අංශ ඊයේ පස්වරුවේ තීරණය කළා.

Leave a Reply

Your email address will not be published.

Back to top button