දේශීය පුවත්

රාජාංගණයෙන් තවත් කොරෝනා ආසාධිත පාසල් සිසුවෙක් හමුවෙයි

රාජාංගණය ප්‍රදේශයෙන් තවත් කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12) සවස සොයාගත් බව රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න පැවසුවා.

රාජාංගණය යාය 5 නවෝද්‍යා විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවෙකුට රෝගය ආසාධනය වී ඇති අතර, ඔහු එම ප්‍රදේශයේ පළමුවෙන්ම රෝගයට ගොදුරු වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට පදිංචිකරුවෙකි.

AV Rase

අහඹු ලෙස ප්‍රදේශය පුරා සිදුකළ පී.සි.ආර්. පරීක්‍ෂණ 102ක් අතුරින් මෙම රෝගීයා හඳුනාගත් බවත්, එහිදී 101 දෙනෙකු නිරෝගී පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සඳහන් කර සිටියා.

හඳුනාගත් රෝගියා අනුරාධපුර මෙත් සිරි සෙවණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා යැවූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් මෙම විදුහලේ දරුවන් නිරෝධායනයට ලක් කර ඇති බැවින් මේ වනවිට විදුහල වසා දමා ඇති බවත්, ‍රාජාංගණය කොට්ඨාසයේ වෙනත් විදුහල් වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් තඹුත්තේගම කලාප අධ්‍යපන අධ්‍යක්‍ෂ ජී.කේ.ආර්.එම්.කේ. බණ්ඩාර පැවසුවා.

රාජාංගණය – නුවන් කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button