දේශපාලන පුවත්
රවී, දයා, වජිර, රංගේ බණ්ඩාර, සාගල, රුවන්, තෙවරප්පෙරුමට සමඟි ජන බලවේගයේ දොරටු වැසේ

එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක, භාණ්ඩාගාරික දයා ගමගේ, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, සාගල රත්නායක, රුවන් විජේවර්ධන හා පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් කුමන හේතුවක් මත හෝ සමගි ජන බලවේගයට සම්බන්ධ කර නොගන්නා බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉහත නම් සඳහන් පිරිස වෙත සමගි ජන බලවේගයේ බහුතරයකගේ විරෝධය එල්ල වී තිබීම ඊට හේතු වේ.
එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට මෙන්ම එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීම යන සිද්ධින්ට මෙම පිරිස ඍජුව සම්බන්ධ බවට සමගි ජන බලවේගයේ බහුතරයකගේ මතය වී තිබේ.
ඉතා නුදුරේ දීම එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසක් සමගි ජන බලවේගයට එක්වීමට නියමිතය.