දේශපාලන පුවත්

රවී ඇතුළු 07ක් අත්අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයෙන් නියෝග

මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුලු 07 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා එම පිරිස ගොණු කර ඇති පෙත්සම් විභාග කර අවසන් වන තුරු මෙම අතුරු තහනම් නියෝගය බලාත්මකයි.

එම් නවාස් / ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසනුයි මෙම නියෝගය ලබාදුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button