දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ එජාප පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් තමා ඉවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වෙත දැනුම් දී තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ නිළධාරී කණ්ඩායම සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ සාකච්ඡාවේදීයි.

AV Rase

පක්ෂයේ නව නායකත්වය සඳහා හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක / දයා ගමගේ / වජිර අබේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම යෝජනා වී තිබෙනවා.

අනිද්දා රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී යෝජිත නම් 4 න් අයෙක් නව නායකයා ලෙස පත්කරගැනීම සඳහා එකගතාවයකට පැමිනෙන බවත් පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

ඉන් අනතුරුව ලබන සිකුරාදා පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නව නායකත්වය සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි මහලේකම්වරයා කියා සිටියේ.

කෙසේ වෙතත් මෙවර මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත්කරන්නේ කවුරුන්වද යන්න මෙහිදී අවසන් තීරණයකට පැමිණ නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග අද පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button