දේශීය පුවත්
රනිල් අද පාස්කු කොමිසම හමුවට

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු විමර්ශණ කරන ජනාධිපති කොමිසම වෙත අද පැමිණීමට නියමිතයි.
කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි මීට පෙර කර තිබූ දැනුම්දීමට අනුවයි රනිල් වික්‍රමසිංහ අද එහි පැමිණිමට නියමිතව ඇත්තේ.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල විමර්ශණය යටතේ තවත් පාර්ෂව කිහිපයක් අද දිනයේදී ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශ ලබාදීමට නියමිත බවයි එම කොමිසමේ ලේකම් එච් එම් පී බී හේරත් කියා සිටියේ.