දේශපාලන පුවත්
රනිල්ගෙන් මහින්දට රහසිගත ලිපියක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිහං විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත රහස් ලිපියක් යොමු කරනු ලැබ ඇති බව වාර්තා වනවා.
ඊයේ (10) දහවල් පැවැති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව රනිල් විසින් සවස් වරුවේ මෙම ලිපිය මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බව ද සඳහන්.

මෙහිදී රනිල් වික්‍රමසිංහ කොමිසමට දැනුම් දී ඇත්තේ තමන්ගේ අනුමැතියකින් තොරව පක්ෂයේ කිසිදු පුද්ගලයකු විසින් එවනු ලබන ලිපි පිළිනොගන්නා ලෙසටයි.
බොහෝ විට එජාපයට හිමිව ඇති එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් දැනට මතුව ඇති අර්බූදය හේතුකොටගෙන ඔහු කොමිසම වෙත මෙම දැනුම් දීම කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
Source – TrueNews