රටවල් 5ක යළි කොරෝනා රෝගීන් ගණන වැඩි වෙයි

ප්‍රංශය යළිත් මහජනයා වෙත මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කිරීමට තීරණය කර ඇත.
ඒ පසුගිය දින කිහිපයේදී නව කොරෝනා ආසාධිතයන් 3000ක් පමණ ඉහළ යාම හේතුවෙන්.

මේ වන විටත් එම රජය වැඩි පිරිසක් සමඟ කාර්යාලීය රාජකාරි සහ වැඩබිම්වල මුඛ ආවරණ අනිවාර්ය කර ඇති අතර දින 4ක් යන තෙක්ම මෙම අගය අඛණ්ඩව වර්ධනය වීමක් පෙන්නුම් කර තිබේ.
ප්‍රංශය තුළ කොරෝනා පොකුරු ගණන 17 සිට 252 දක්වා ඉහළ ගොස් ඇත.
ඊට අමතරව ප්‍රංශයේ සිට පැමිණෙන පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනයට යොමු කිරීමට බ්‍රිතාන්‍යය ද අවධානය යොමු කර ඇති බව සඳහන්.
පැරිසියේ බලධාරීන් මේ වන විටත් එළිමහනේ මුඛ ආවරණයක් පැළඳීම අනිවාර්ය කර ඇති අතර අගනුවර කලාප තවදුරටත් පුළුල් කිරීමටද සූදානම්ව සිටි.
මේ අතර, නව කොරෝනා වෛරසය ආශ්‍රිත ආසාදිතයන් වැඩිවීමත් සමග එලැඹෙන අගෝස්තු 22දා සිට ඩෙන්මාර්කයේ පොදු ප්‍රවාහනය සඳහා මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වනු ඇතැයි අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් පවසයි.
යුරෝපා කලාපයේ වසංගතය ඉක්මණින්ම පාලනය කළ රටක් ලෙස ඩෙන්මාර්කය සැලකුණු අතර, අගුලු දැමීමේ ලිහිල් සීමා ලිහිල් කළ පළමු වැනි යුරෝපා රට වූයේද ඩෙන්මාර්කයයි. නමුත් පසුගිය සතියේදී එරට ආසාදිතයන් යළිත් වර්ධනය වීමක් දැකගන්නට ලැබෙන බව අගමැතිවරයා සඳහන් කළේය.
මේ අතර දකුණු කොරියාවේ නව කොරොන වෛරස ආසාදිතයන් 279 දෙනෙකු ඊයේ (15දා) වාර්තා වූ බව දකුණු කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසයි.
ඉන් 267ක් දේශීයව සම්ප්‍රේෂණය වූ සිද්ධීන් වන අතර, 141ක් සෝල් අගනුවරින් වාර්තා වී තිබේ.
මේ වනවිට තහවුරු වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,318ක් වන අතර, ඉන් 1,103ක් නිරෝධායන හා 13දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද කියැවෙයි. එරට වෛරසය ආශ්‍රිතව මියගිය සංඛ්‍යාව 305 කි.
වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉරිදා සිට සමාජ දුරස්ථ පියවර සෝල් ප්‍රදේශයේ නැවත හඳුන්වා දෙනු ලැබේ.
නවසීලන්තයේද දින 102කට පසුව යළිත් වරක් නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දමා තිබියදීත් ඊයේ දිනයේ තවත් ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වී තිබේ.
මෙම නව ආසාදිතයන් 7න් 6ක්ම පෙර පැවති සියලුම ප්‍රජා සිද්ධීන් ආශ්‍රිත පොකුරට සම්බන්ධ වී ඇති අතර, එක් සිද්ධියක් විභාග වෙමින් පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඈෂ්ලි බ්ලූම්ෆීල්ඩ් වෙලින්ටන්හි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම නව ආසාදිතයන් සමග වසර ආරම්භයේ සිට නවසීලන්තයේ සමස්ත ආසාදන 1,622ක් දක්වා ගෙන එනු ලබන අතර දැනට ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 56කි. මේ දක්වා පුද්ගලයින් 22 දෙදෙනෙකු වෛරසය ආසාදිතය මියගොස් තිබේ.
මේ අතර ඉතාලියේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් මාස තුනකට පසු ප්‍රථම වරට දෛනිකව 600ක් ඉක්මවා ගොස් තිබේ.
ඉතාලි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි සංචාරකයන් සහ නිවාඩු ගත කරන පුද්ගලයන් නැවත පැමිණීම කැසලෝඩ්වල මෙසේ ආසාදිතයන් වැඩිවීමට ප්‍රධාන සාධක වී ඇත.
ඒ අනුව ඊයේ දිනයේ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 629ක් ලියාපදිංචි කර ඇති අතර, තහවුරු වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 253,438ක් ලෙස මේ වනවිට දැක්වෙයි.
අවසන් වරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබුණේ මැයි 23දා වන අතර, එදින ආසාදිතයන් 669ක් ලෙස දැක්වුණි.
මීට සති කිහිපයකට පෙර ඉතාලියේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 200ක පමණ සීමාවේ පැවති අතර, මේ වනවිට එරට තහවුරු වූ සමස්ත මරණ සංඛ්‍යාව 35,392කි.