දේශීය පුවත්
රජයේ දේපල අවභාවිතා කර ඡන්ද කරන අය ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවෙයි

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
මෙම සාකච්ඡාව අද පෙරවරු 10ට ආරම්භ වනවා.

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකෙරෙන මෙම දිනවල රාජ්‍ය දේපල අවභාවිතය පිළිබඳ පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමු කිරීමට නියමිතයි.
දෙපාර්තමේන්තුවලට අයත් රථ වාහන සහ රජයේ අමාත්‍යාංශ අයත් වාහන මැතිවරණය ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම වැනි පැමිණිලි අතරට අයත්.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් මෙන්ම එම කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකරන අමාත්‍යාංශ නිලධාරීන් අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා කැඳවීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.