දේශපාලන පුවත්

යාලේ දී රාජ්‍ය අමාත්‍යවරයෙක් 40 එක්ක අයාලේ යයි – මහ රෑ කෑකෝ ගසමින් සාද පවත්වයි

State Minister goes astray with 40 in Yala - partying in the middle of the night

යාල ජාතික වනෝද්‍යානයේ ‘නව බුතව’ බංගලාවේ නවාතැන් ගත් රාජ්‍ය ඇමැතිවරයකු ඇතුළු හතළිහක කණ්ඩායමක් රෑ පහන්වනතුරු කෑගසමින් මත්පැන් සාද පවත්වා ඇතැයි වාර්තා වේ.

පරිසරවේදීන් පවසන්නේ සතුන්ගේ නිදහසට බාධා වන අයුරින් වනාන්තරය තුළ ජීප් රථද ධාවනය කර ඇති බවයි.

නව බූතව බංගලාවේ නවාතැන් ගත හැකි පිරිස උපරිම දසදෙනකු වුවත්, රාජ්‍ය ඇමැතිවරයා සමග බස් රථයකින් පැමිණි හතළිහක කණ්ඩායමක් එම බංගලාවේ නතර වී සිටි බව වාර්තා වේ.

පසුගිය දිනක රාත්‍රි කාලයේ පැමිණි රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු කණ්ඩායම, යාල ජාතික වනෝද්‍යානය තුළ දිවා කාලයේදී ජීප් රථ ධාවනයට ඉඩ ලබානොදෙන කාලයේදී පවා ජීප් රථවලින් එහා මෙහා ගොස් ඇති බවද අනාවරණය වේ.

මෙම පිරිස පිටත්ව ගොස් ඇත්තේ පසුගිය ඉරිදාය.

Leave a Reply

Your email address will not be published.

Back to top button