දේශීය පුවත්

මෝටර් රථයක් අස්ගිරි විහාරයට කඩා වදී – හමුදා සෙබළෙකුට තුවාල

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත ගේට්ටුවටද දැඩි අලාභ හානි සිදුකරමින් අස්ගිරි විහාර පරිශ්‍රය තුළට පිවිසීම හේතුවෙන් අස්ගිරි මහා විහාර ආරක්ෂක කටයුතු සඳහා අනුයුක්ත කොට සිටි හමුදා සෙබළෙකු බරපතළ තුවාල ලැබ තිබේ.

මේ මස 30 දින පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබූ යුද හමුදා සෙබලා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව සඳහන් වන අතර අස්ගිරි විහාර පරිශ්‍රයේ නවතා තිබු සුඛෝපභෝගී මෝටර් රථයකද ගැටී අනතුර සිදු කළ රථය නැවතී ඇත .

අලුත් අනතුර සිදු කළ රියදුරා මහනුවර මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මහනුවර මූලස්ථාන පොලිසියෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ උපදෙස් මත එහි රථවාහන අංශය මගින් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button