දේශීය පුවත්
මොරටු සරසවියේ අතුරුදහන් වූ සිසුවිය අනුරාධපුරයෙන් සොයා ගැනේ

පොකුණුවිට පදිංචිව සිටි අතුරුදන්ව සිටි බවට වාර්තා පළවු මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවිය සොයාගෙන තිබෙනවා.
ඇය අනුරාධපුරයේ සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඇය රැගෙන ඒම සඳහා පොලිස් කණ්ඩායමක් මේ වනවිට පිටත්ව ගොස් ඇතැයි සඳහන්.
මෙම සිසුවිය අතුරුදන් බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
එමෙන්ම කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක් නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයකින් පැමිණ පැහැරගැනීමට තැත්කලැයි කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද පොලිසිය සඳහන් කලා.