තාක්ෂණික පුවත්දේශීය පුවත්

මොකක්ද මේ වාසි ගොඩක් එක්ක එන Onepay ඇප් එක

දවසින් දවස එන ප්‍රමෝෂන් හින්දා අපිත් එක එක App දාගන්නවා අපේ ස්මාර්ට් ෆෝන් එකට. ඒ අතරින් කාටත් වැදගත් කියලා හිතුන App එකක් පහුගිය සතියේ එලි දැක්වුණා. ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුනා.

වන්පේ (Onepay) කියන්නේ තවත් Mobile Banking App එකක් කියලා ගොඩාක් දෙනා හිතුවට, ඇත්තම කිව්වොත් Onepay කියන්නේ අලුත් ලෝකෙට ගැලපෙන විදිහට ලංකාවේ අපේ මෘදුකාංග ඉංජිනේරුවෝ අතින් නිර්මාණය වුණ App එකක්. Google Play හෝ Apple app store එකට ගිහින් Download කරපු App එකේ Register වෙන එක හරිම ලේසි වැඩක්. බැංකුවකට ගිහින් පෝලිම් ගානේ ඉදලා බැංකු ගිණුම් App එකට ලින්ක් කරගන්න කට්ට කන්න ඕන නෑ. Register වුණාට පස්සේ ඉතින් සරලවම ගෙදර ඉදන්ම තමන්ගේ බැංකු ගිණුම් තමන්ට අවශ්‍ය විදිහට මේ App එකට ලින්ක් කරගෙන භාවිතා කරන්න පුලුවන්. “ඔය ඇප් වැඩක් නෑ බැංකු වලට වෙනම ඇප් තියෙනවා” ගොඩාක් අය මෙහෙම කීවට, කවුරු මොනවා කීවත් අපි හැමෝම දන්නවා සමහර බැංකු ඇප් වලින් වැඩක් කරගන්න එකට වඩා ලේසී බැංකුවට ගිහින් කට්ට කාලා පෝලිම් වල ඉදලා ඒ වැඩේ කරගන්න එක. වැඩක් කරගන්න ලේසි වෙනවා මිසක් ඒ වැඩේ තව අමාරු කරගන්න ඕන නෑනේ ඒ අතින් Onepay එකේ තියෙන පහසුවත් එක්ක මොන කතාද.

මේකේ තියන විශේෂත්වය මොකක්ද?
Bill Payment — බිල්පත් ගෙවන්නත් පුළුවන් Onepay App එකෙන්ම, බිල් විතරක් නෙමේ reload දාගන්නත් පුළුවන්. මිල දී ගැනීම් — QR හෝ ජංගම දුරකථන අංකය එහෙමත් නැතිනම් ටෝකන භාවිතයෙන් තෝරාගත් වෙළදසැලකින් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතිව ලංකාවේ ඕනම බැංකු ගිණුමක් ලින්ක් කරගන්න පුළුවන්. හිර වෙන, ලෝඩ් වෙන්නේ නැති, මැදින් ඇප් එක ක්‍රැෂ් වෙන ප්‍රශ්න මොකුත් නැති ඇප් එකක්. ශ්‍රී ලංකා මහ බැංකුවේද ලියාපදිංචි අතර ආරක්ෂාව අතින් 100% වගකීමක් ඇති බවටත් සහතික තියෙනවා. ඔබේ ගිණුමට පිවිසීමට ඇගැලි සලකුණ , මුහුණ වගේ විශේෂ ආරක්ෂිත ක්‍රමත් යොදාගන්න පුළුවන් ඒ කීවේ Onepay වල Safety ඉතාම ඉහලයි. මේ නිසා කිසිම ආකාරයකින් වෙනත් කෙනෙකුට ඔයාගේ Onepay ගිණුමට log in වෙන්න බෑ ( Onepay වල Biometric Security Verification අන්තර්ගතයි)

ඒ වගේම බැංකුවක හරි වෙන ඇප් එකක හරි ප්‍රශ්නයක් වුණාම කෝල් අරගෙන පැය ගණන් ඉන්න ඕන එහෙමත් නැත්නම් වැඩේ හදාගන්න බැංකුවටම යන්න ඕන හැබැයි Onepay එක්ක එහෙම ඕන නෑ පැය 24ම කෝල් එකකින්, Email එකක් යවලා හරි, Facebook, Instagram වලින් චැට් එකක් දාලා වුණත් වැඩේ කරගන්න පුලුවන්.

 

පහලින් දානවා මම Onepay App එකේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඔයාලත් අරගෙන බලන්න අනිවාරෙන්ම

App Store
https://apps.apple.com/lk/app/onepay/id1499761738

Google Play
https://play.google.com/store/apps/details?id=lk.onepay.android

 

Back to top button