මෛත්‍රීට අලුත් ආණ්ඩුවේ තනතුරු නොලැබීමට හේතුව මෙන්න

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී අලුතින්ම නියෝජ්‍ය අගමැති තනතුරක් නිර්මාණය කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලබාදීමට කටයුතු නොකරන බව රජයේ ප්‍රබලයෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.
ව්‍යවස්ථාවට පිටින් නව තනතුරු පිහිටුවීමේ කිසිදු අදහසක් ආණ්ඩුවට නොමැති බව ඔහු සඳහන් කර තිබුණා.
මෛත්‍රිපාල සිරිසේනට කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදුන්නේ මේ වනවිට සිදුකෙරෙන පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන වල දී මෛත්‍රීපාල සිරිසේන අදාළ ප්‍රහාරය පිළිබදව දැනුවත්ව සිට ඇති බවට තහවුරු වීම නිසා බව ද දැනගන්නට තිබෙනවා.
බුද්ධි අංශ ප්‍රධානීන් මේ සම්බන්ධයෙන් කොමිසමට සදහන් කොට ඇත්තේ ප්‍රහාරය සිදුවූයේ අප්‍රේල් මස වුවත් ඒ සම්බන්ධයෙන් ජනවාරි මස සිරිසේන ජනාධිපතිවරයා ද සිටි ආරක්ෂක මණ්ඩල රැස්වීමක දී ලිඛිතවම ඒ පිළීබද දැනුම් දී ඇති බවයි.
එම නිසා අදාළ වාර්තාව පැමිණෙන තෙක් සිරිසේන හට කිසිදු අමාත්‍ය තනතුරක වගකීමක් නොදීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව පැවසෙනවා.
Source – TrueNews