දේශීය පුවත්

මේ වන විට වාර්ථා වූ කොවිඩ් රෝගීන්ගේ සම්පූර්ණ විස්තරය.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් අද උදෑසන වන විට වාර්තා වූ ආසාදිතයන් 1852න් 1044 දෙනෙකු එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් වන අතර අනෙක් 808දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.

පසුගිය තුන්වැනිදා එක් ආසාදිතයෙකුගෙන් ආරම්භ වූ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ඊට පසුදින වූ හතර වැනිදා ද වර්තා වූණේ එක් ආසාදිතයෙකු පමණි.

AV Rase

අනතුරුව පසුගිය පස්වැනිදා ආසාදිතයන් 101 ක්, හය වැනිදා 729 ක්, හත් වැනිදා 202 ක්, අට වැනිදා 19 ක්, නව වැනිදා 30 ක්, දස වැනිදා  103 ක්, 11 වැනිදා 121 ක්, 12 වැනිදා 90 ක්, 13 න් වැනිදා 194 ක්, 14 වැනිදා 132 ක්, පහළොස් වැනිදා 68 දෙනෙක් හා අද දිනයේදී මේ දක්වා ආසාදිතයන් 61 ලෙසින් වාර්තා වී තිබේ.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් ඊයේ දිනයේදී  ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

‍මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් 5305න් 1907ක් මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනය පැවසුවේ, වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 3385 ක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button