මේ වන විට මෙරට කොවිඩ් තත්ත්වය

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගේ ගණන 5,700 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ ඊයේ (28) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 335 දෙනා ද සමගය.
ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 308 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 5,730 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ද මේ වන විට 9,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9,205ක් වන අතර ඉන් රෝගීන් 4,075දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව රෝගීන් 5,111 දෙනෙකු තවදුරටත් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
පසුගිය දින 06 තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 2,883 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය 23 වනදාය.