දේශීය පුවත්
මේ කදවුර හදන්න බැසිල් මුල්වුනා. එය අමතක කල නොහැකියි.

ආණ්ඩුවක් හදා තනතුරු ගත්විට ඇතැමුන්ට මුල අමතක වන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ඒ තත්ත්වයට වැටිය යුතු නැතැයිද ඇමතිවරයා කියා සිටියේ දඹුල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.
මේ ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මැද බොහෝ අමාරුවෙන් ගොඩ එකක් බවත් ජනතා අපේක්ෂා රාශියක් ඇති නිසා ඒවා බිඳ වැටීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු පැවසීය.
ඇමතිවරයා එහිදී මෙසේද පැවසීය.
‘අප පත් කළ ජනතාවගේ සිතුම් පැතුම් හදුනා ගනිමින් අපි වැඩ කළ යුතුයි, අපි ජනතාවගේ හැගීම් තේරුම් අරං ඉදිරියට යන්න ඕන. ඒවාගේම අපිට අමතක කළ නොහැකි චරිතයක් තියෙනවා, ඒ තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා, එතුමා මේ කදවුර සෑදීමට ගොඩක් මහන්සි වුණා , තවද එතුමා සුවිශේෂී චරිතයක්, බැසිල් රාජපක්ෂ මැතිතුමා කෙරෙහි මාගේ හිතේ විශාල ගෞරවයක් තිබෙනවා’
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද එම අවස්ථාවට එක්විය.