දේශපාලන පුවත්

මෙවර මහ මැතිවරණයට ඉල්ලපු ජනප්‍රිය තරු වලට මොකද වුණේ?

දේශපාලන පක්‍ෂවලින් කලාකරුවන් හා කලාකාරිණියන් දහදෙනකු මෙවර මැතිවරණයට තරග කළ අතර ඔවුන් අතුරින් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ සිවුදෙනකු පමණි.

තරග කළ කලාකරුවන් අතුරින්ම වැඩියෙන්ම මනාප ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කළ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නයි.

AV Rase

ඒ මනාප (මනාප 133,350 ) ක් වුණ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ අපේක්ෂකයින් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගනිමින්.

දෙවැනියට වැඩිම මනාප ලබාගත් කලාකරුවා වන්නේ සමඟි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතායි.

ඔහු (මනාප 103,992 ) ක් ලබාගත්තේ එම පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් ජයග්‍රාහකයන් අතර දෙවැනියා බවට පත්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවන් අතර කලාකරුවන් තවත් දෙදෙනකු සිටින අතර ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මිය හා රංගන ශිල්පී පියල් නිශාන්තයි.

ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ( මනාප 63,358) ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළ පියල් නිශාන්ත ද සිල්වා මහතා (මනාප 103,904) ක් ලබා ගනු ලැබුවා.

ඔවුන් හැර තරඟ කළ සියලු කලාකරු අපේක්‍ෂකයන් මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ මධුමාධව අරවින්ද (මනාප 28,412) ක් ලබාගෙන තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළ ඕෂධී හේවාමද්දුම (මනාප 10,957) ක් ලබාගෙන තිබේ.

සමඟි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ චිත්‍රපට රංගන ශිල්පියකු ද වන සුජීව සේනසිංහ (මනාප ඡන්ද 30,572) කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළ ගායන හා සංගීත ශිල්පී රූකාන්ත ගුණතිලක (මනාප 26,088) සහ කළුතර දිස්ත්‍රික්කයට තරග කළ රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් කුමාරනායක (මනාප 9836) යන මහත්වරු ද මැතිවරණයෙන් පරාජයට පත් වුණා.

ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ විමල් කැටිපෙආරච්චි (මනාප 12,913) මහතා ද පරාජයට පත්වූ කලාකරුවන් අතර වනවා.

මීට අමතරව ප්‍රධාන දේශපාලන පක්‍ෂවල ජාතික ලැයිස්තුවේ ද කලාකරුවන් නම්කර තිබූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් රංගන ශිල්පී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර තිබේ.

මීට අමතරව සමගි ජන බලයෙන් රංගන ශිල්පිනී ඩයනා ගමගේ සහ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් සංගීතවේදී නදීක ගුරුගේ, රංගන ශිල්පීන් වන දීපානි සිල්වා, ජගත් මනුවණ යන කලාකරුවෝද නම් කරනු ලැබ සිටියා.

එම පක්ෂ දෙකෙන් ජාතික ලැයිස්තු ධුර ලබාදෙන අපේක්‍ෂකයන් කවුරුන්ද යන්න ඊයේ (9) සවස් වන තුරුත් නම් කර තිබුනේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button