දේශීය පුවත්

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 21 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1524 දක්වා ඉහළගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මෙම නව ආසාදිත 21 දෙනා අතර නාවික හමුදාවේ 19 දෙනෙකු සහ විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු සිටින බවයි වාර්තාවන්නේ.

ඒ අනුව අද දින මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 55ක්.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් රෝගීන් 748 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 745ක් වන අතර මරණ සංඛ්‍යාව 10ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button