දේශීය පුවත්

මෙරට විදුලි ක්ෂේත්‍රය නගා සිටුවීමට අමෙරිකා සහය

US supports development of electricity sector in Sri Lanka

මෙරට විදුලි ජනනයෙන් 70 % ක ප්‍රමාණයක් හරිත හා පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනයට සැලසුම් කරන ජාතික විදුලිබල සැලැස්මට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදීමට සුදානම් බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග විදුලිබල අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදියි ඇය මේ බව සදහන් කළේ.

ශ්‍රී ලංකාවේ විදුලි ක්ෂේත්‍රයේ අනාගත සැලසුම් සහ සංවර්ධන ක්‍රමෝපායන් පිළිබදව මෙහිදි දීර්ඝව සාකච්ඡා වි තිබෙනවා.

ඩලස් අලහප්පරෙැම මහතා මෙහිදි කියා සිටියේ ජාතික විදුලි ජනනයට හරිත හා පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% ක් දක්වා ඉහළ නැංවිමත්, ඩීසල් දායකත්වය 5% ක් දක්වා පහළ හෙලීමත් සිදුකරන රජයේ සැලැස්ම බවයි.

ඒ වෙනුවෙන් දැනට පවතින පුනර්ජනනීය මූලාශ්‍රයන් සංවර්ධනය කිරීමට හා නව මූලාශ්‍රයන් ගවේශනය කිරීමටත් සැලසුම් කරමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නා.

ඊට ප්‍රතිචාර දැක්වු ඇලින් ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමටත්, මෙරට තුළ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ස්ථාපනය සදහා ආයෝජකයන්ගේ අවධානය යොමුකරවීමට අදහස් කරන බවයි.

මෙම සාකච්ඡාවට ඇමරිකා එක්සත් ජනපද ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් මහත්මියද එක්වුනා.

ඇය ප්‍රකාශ කළේ මෙරට තුළ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ස්ථාපනය කිරීම වෙනුවෙන් සහන ණය යෝජනා ක්‍රම හදුන්වාදිමට සුදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button