දේශීය පුවත්
මෙරට තුළ ගංජා වගා ප්‍රවර්ධනය නැවත්වීමට රජය කටයුතු කළ යුතුයි
The government should take action to stop the promotion of cannabis cultivation in the country

මෙරට තුළ ගංජා වගා ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් වහාම එය නැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවත් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් පවසනවා.
ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව කොළඹදී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් උන් වහන්සේ මේ බව සඳහන් කළා.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වුණා.