Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදී නාවීක හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.
පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කරන ලදි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ආරක්ෂක ලේකම්වරයා කියා සිටියි.
මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නතර කිරීමේ අරමුණින් හෙට(15) දින සිට මෙම නාවික හමුදා අනුඛණ්ඩය මුහුදු මහා විහාරයේ ස්ථාපනය කරන බවද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරයි.
මුහුදු මහා විහාරයට අයිති ඉඩම් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ විහාරස්ථානයේ ඉඩම් හිමිකම් ගැන මේ දිනවල සිදුවන විවිධ ගැටුම් පිළිබඳ සොයා බැලීමට පැමිණෙන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ආරක්ෂක ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක ලේකම්වරයා අද පස්වරුවේ එම විහාරස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
මේ අවස්ථාවට නැගෙනහිර ආණ්ඩුකාරවරියට අමතරව,වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මුහුදු මහා විහාරයට ඉඩම් අක්කර 72 අයිතිව ඇති බව සඳහන් වුවද මේ වන විට ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර 14 ක ප්‍රමාණයක් බව ද මෙහිදී හෙළි විය.
විහාරයට අයිති සියලු ඉඩම් යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවද පෙන්වාදුන් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මින් ඉදිරියට විහාරස්ථානය සතු එක වැලි කැටයක් හෝ කිසිම පුද්ගලයකුට අත්පත් කර ගැනීමට ඉඩ නොතබන බවය.
නාවික හමුදාව සහ පොලීසිය එක්ව විහාරස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී උපදෙස් දෙන ලදි.
ඉදිරි සතියේ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි.
මේ අතර දිගවාපිය විහාරස්ථානයට අයිති විශාල ඉඩම් ප්‍රමාණයක් ද වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති අතර එම ඉඩම් නැවත ලබාගැනීම සඳහා ද කටයුතු කරන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය. දිගවාපිය විහාරස්ථානය ද නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස ඊයෙ දීඝවාපිය විහාරස්ථානයට ද ගියහ..
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…