දේශීය පුවත්
මුල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයන් 57ක් පොලිස් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකිව පොලිසිය මගහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙක් ඊයේ (05) දිනය තුල සිදුකල විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් අතර කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 48 දෙනෙකු සිටින බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය පැවසුවේ.
ඔවුන් අතර මුදල් වංචා කිරීම් , මූල්‍ය විශ්වාසය කඩ කිරීම් , කූට ලේඛණ සකස් කිරීම්, බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70 කට සම්බන්ධ පුද්ගලයින් වන බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විසදුනු අපරාධවල සම්පූර්ණ මූල්‍ය වටිනාකම රුපියල් දසකෝටි අසූ හතර ලක්ෂ හැත්තෑ දහස් තුන්සිය පනස් හයක් වන බවයි එම කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කළේ.