දේශීය පුවත්
මුල්ලේරියාවේ අහඹු පරීක්‍ෂාවකින් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

මුල්ලේරියාව රෝහලේ අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවකින් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණී පුද්ගලයන් දෙදෙනකුට මෙසේ පරීක්ෂණ සිදු කර ඇත.
උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර ගැනීමට ඔවුහු රෝහල වෙත පැමිණ තිබූ අතර එහි දී සිදු කරන ලද පරීක්ෂණයේ දී ඔවුන් ආසාදිතයන් යයි හෙලිවී තිබේ.
මේ අතර රේගු දෙපාර්තමේන්තුවේද සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වීම නිසා රේගුවේ භාණ්ඩ නිෂ්කාෂනය සීමා කිරීමට පියවර ගෙන ඇත.