විදෙස් පුවත්
මියන්මාර මහ මැතිවරණය – අවුන් සාන් සු කී යළි ඉදිරියෙන්

මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබේ.
ඊයේ (08) පැවැති ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵලය අනුව එරට පාලක ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සු කී යළි ජයගනු ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු ආසන සහ කලාපීය සභා 1,117ක් සදහා නියෝජිතයින් තෝරාගැනිම වෙනුවෙන් දේශපාලන පක්ෂ 91ක අපේක්ෂකයින් 5,639 දෙනෙකු මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටී.
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ වුවද විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශකර ඇති බව එරට මැතිවරණ කොමිසම පවසයි.
මෙවර මියන්මාරයේ ඡන්දදායකයින් මිලියන 37.3ක් ඡන්දය භාවිතකිරිම සඳහා සුදුසුකම් ලබා සිටි බව සඳහන් වේ.