දේශීය පුවත්

මිනුවන්ගොඩ ඇඟලුම්හලේ ආසාදිතයෙකු නිසා අම්පාරෙත් ගමක් වැසේ

A village in Ampara closed due to an infection at the Minuwangoda garment factory

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොලිස් බල ප්‍රදේශයට අයත් ඉද්දපොළ ගම්මානය අද (06) දින වසා දැමූ බව මහඔය පොලිස් ස්ථානයේ ප්‍රකාශකයෙකු Lakderana News වෙත සඳහන් කළා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කාන්තාවක පසුගිය සෙනසුරාදා (03) නිවාඩු ලබා නිවසට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඇය උණ රෝගී තත්ත්වයක් නිසා අම්පාර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එහිදී ඇය PCR පරීක්ෂාවට ලක් කර ඇති අතර ඇයට කොවිඩ් -19 වැළඳී ඇති බවට අද (06) දින තහවුරු වී තිබෙනවා.
මේ වන විට  මහඔය ඉද්දපොළ ගම්මානය වසා දමා සංචරණ සීමා කර ඇති බවයි මහඔය පොලිසිය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button