ක්‍රීඩා පුවත්
මාලිංගට IPL තරඟාවලිය අහිමි වෙන ලකුණු

ශ්‍රී ලංකා 20යි 20 නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රබල වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංගට මෙවර IPL තරගාවලියේ තරග රැසක් අහිමි වන බව වාර්තා වේ.
ඔහු පෞද්ගලික හේතුවක් මත තරගාවලියේ පළමු අර්ධයට එක් නොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මාලිංගගේ පියා අසනීප තත්ත්වයකින් පසුවීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවනු ඇත.
කෙසේ වෙතත්, තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ඔහු ක්‍රීඩා කිරීමේ ඉඩක් පවතිනු ලැබේ.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතය.