දේශීය පුවත්
මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප ඡන්ද ලක්ෂ 7 ඉක්මවයි

මෙවර මහ මැතිවරණය සදහා භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන්, ඡන්ද හත් ලක්ෂ හැට නම දහස් හයක්, ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පහකි.
මෙතරම් ප්‍රතිශතයක් ප්‍රතික්ෂේපිත ඡන්ද බවට පත් වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ.
මේ අතර මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්දය දීමට ලියාපදිංචිව සිටි ඡන්ද දායකයන් 4879163 ක් පිරිසක් ඡන්දය පාවිච්චි කර නොමැති බව වාර්තා වේ.
සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයන්ගෙන් 16263874 දෙනෙක්ගෙන් 11384711 දෙනෙක් පමණක් මෙවර ඡන්ද භාවිතා කර ඇත.