ක්‍රීඩා පුවත්
මහේලගේ සැලසුම් යටතේ මුම්බායි ඉන්දියන්ස් IPL අවසන් තරගයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම සමත්ව තිබේ.
ඒ ඊයේ (05) දිල්ලි කැපිටලස් කණ්ඩායම සමග පැවති පළමු අවසන් පුර්ව තරගයේ දී ලකුණු 57ක ජයක් හිමිකර ගනිමිනි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 200කි.
ලකුණු 201ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 143ක් පමණ ය.
මුම්බායි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩාමේ හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරනු කරයි.
දෙවන අවසන් පුර්ව තරගය රෝයල් චැලෙන්ජරස් බැංගලොර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම අතර අද (06) අබුඩාබි හීදි පැවැත්වීමට නියමිතය.