මහින්ද නමට විතරක් අගමැති වෙන්න අකමැති වෙයි

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම පනත් කෙටුම්පත පිලිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන්නේ ඉන් අගමැති ධුරයේ බලතල කප්පාදු වී එම ධුරයෙන් නාමික තනතුරක් බවට පත් වීම නිසා බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන්ම විමල් විරවංශ අමාත්‍යවරයා 20 වන සංශෝධනයේ ඇති ඇතැම් කරුණු වලට එකඟ විය නොහැකි බව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුව පත් කළේ එම හේතුව නිසා බව ද වාර්තා වේ.
අග්‍රාමාත්‍ය වරයා පත් කළ මහාචාර්ය ජී.එල්.පිරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 9 දෙනෙකුගෙන් යුත් කමිටුව මඟින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි ඇතුලත් කරුණු ද 20 වන සංශෝධනය නීතිගත කිරීමේ දී සැලකිල්ලට ගත යුතු බවට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අගමැතිට බලතල රැසක් ලබා දී තිබේ.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එම බලතල කප්පාදු කිරීම සඳහා 19 වන ව්‍යවස්ථාව අහෝසි කොට යලි 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සක්‍රිය කිරීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද පෙන්වා දී තිබේ.