මහින්ද දේශප්‍රියගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට ලිපියක්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට ලිපියක් යොමුකර තිබේ.
මෙහිදී සභාපතිවරයා විසින් පෙන්වා දී ඇත්තේ මැතිවරණ කාලසීමාවතුල ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන පුද්ගලයින් ඉන් ඉවතට පැමිණ සිදුකරන ප්‍රකාශ මගින් ඇතැම් අපේක්ෂකයින්හට අගතියක් සිදුවන බවය.

මැතිවරණයක් ප්‍රකාශට පත්කර ඇති බැවින් මැතිවරණ නීතියට අනුව අදාල ප්‍රකාශ ඇතැම් අපේක්ෂකයන්ට අගතියක් සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන්කර ඇත.
සභාපතිවරයා විසින් දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමෙන් ඉල්ලීම්කර ඇත්තේ එය වැළැක්වීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකියාව පවතින්නේ ද, යන්න පිළිබඳ සොයා බලන ලෙසය.
මැතිවරණ කාලසීමාවතුල එවැනි ප්‍රකාශ ලබාදීම වැළැක්වීමට හැකියාව ඇත්නම් වහාම අදාළ ක්‍රියාපටිපාටිය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.