දේශීය පුවත්

මහවැලි ජලාශ ආශ්‍රිතව ඉදිරියේදී භූකම්පන ඇති වීමේ අවධානමක්

ඉදිරි කාලයේ දී මහවැලි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල කුඩා භූ කම්පන සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය සී.බී. දිසානායක පවසනවා.

ජලාශවල ජල පීඩනය නිසා හෝ ජලාශ ආශ්‍රිත හුනුගල් පැලෙද්දී ගැබ්ව ඇති පීඩනය පිටවීමේ දී මෙම කම්පන තත්වයන් ඇති විය හැකි බවයි ඔහු කියා සිටියේ.

පසුගිය අගෝස්තු මස 29 වැනිදා රාත්‍රි කාලයේ දී සහ මේ මස 02 වැනිදා පෙරවරුවේ දී වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල රිච්ටර් පරිමාණ දෙකක පමණ අගයක් ගන්නා භූ චලන සිදු වී තිබෙනවා.

එම භූ චලන වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල සවිකර තිබෙන සංවේදී උපකරණ පද්ධතිවලද සටහන්ව තිබූ බව මහවැලි අධිකාරිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button