දේශීය පුවත්

මහනුවර නිවසකට 5 මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී

A 5 storey building sinks into a house in Kandy

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ නිවසක් මතට අසල තිබූ ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් නිවස තුල සිරවී සිටින අඹු සැමි යුවලක් සහ මාස එකහමාරක් වයසැති බිළිඳකු බේරාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිඛෙනවා.

මහල් 5 කින් යුත් ගොඩනැගිල්ලක් ගිලා බැස ඇති අතර පසුව එය අසල තිබූ නිවසක් මත පතිත වී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

සිද්ධිය වන අවස්ථාවේදී නිවස තුල සිටි කාන්තාවන් දෙදෙනෙකු බේරා ගැනීමට පොලිසිය සමත් වී තිඛෙනවා.

එහෙත් මේවනවිට නිවස තුල සිරවී සිටින අඹුසැමි යුවල සහ ඔවුන්ගේ අවුරුදු 1හමාරක් වයසැති බිළිඳා බේරාගැනීම දැඩි අසීරු කටයුත්තක් බවයි මහනුවර පොලිසියේ උසස් නිළදාරියෙකු කියා සිටියේ.

පොලිස් නිළධාරින් / ආපදා සහන කණ්ඩායම් සහ ප්‍රදේශවාසින් එක්ව නිවස තුල සිරවී සිටින පවුල බේරා ගැනීම සඳහා මේවනවිටත් උත්සහ කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button