දේශීය පුවත්

මන්ත්‍රී මනුෂට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි

නඩුවක සාක්කිදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) වරෙන්තු නිකුත් කළේය

මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියාවලට යවන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කිරිමට තැත් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ පැමිණිල්ලේ පළමුවන සාක්කිකරු ලෙස නම්කර සිටින මන්ත්‍රීවරයා සාක්කි දිම සඳහා අද අධිකරණයේ පෙනි සිටිමට නියමිතව තිබුණත් අධිකරණයේ පෙනී නොසිටිමෙන් මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබිය.

AV Rase

තංගල්ලේ තරුණයකු දික්වැල්ලේ මිතුරෙකු සමග ජපන් භාෂාව හදාරා ඇති අතර දික්වැල්ලේ මිතුරාගේ පියා තංගල්ලේ තරුණයාට ගාල්ල හපුගල පදිංචි පුද්ගලයෙකු හඳුන්වා දි තිබේ.

ඔහු වතු අධිකාරිවරයෙකු බවත් මනූෂ නානායක්කාර මහතා මගින් ජපන් රටේ රැකියා ලබාදිමට ඔහුට හැකි බවත් පවසා ඇත.

ඒ අනුව තංගල්ලේ තරුණයා එම පුද්ගලයා සමග කතා කිරිමේදි මන්ත්‍රිවරයා මගින් ජපන් රටේ රැකියාවලට යැවීමට හැකි බවත් ඒ සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 14 ක් අවශ්‍ය බවත් පවසා ඇත.

පසුව 2019 පෙබරවාරි 23 වැනිදා තරුණයා මුදල් ලබාදිම සඳහා ගාල්ලට පැමිණ ඇති අතර රාගම තරුණයකු ද මුදල් ලබාදිමට පැමිණ තිබේ. එම ස්ථානයට පැමිණි සැකකරු මන්ත්‍රීවරයා නොමැති බවත් එය ඉටුකරදිම සඳහා පළමුව රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාදෙන ලෙසත් සැකකරු ඉල්ලා තිබේ.

එම අවස්ථාවේ සැකයක් ඇතිවූ තරුණයා තම මිතුරෙකුට දුරකතන ඇමතුමක් ලබාදී මේ පිළිබඳව විමසිමේ දී මෙය වංචාවක් බවත් මුදල් ලබා නොදෙන බවත් දන්වා ඇති බවත් පසුව තංගල්ලේ සිට පැමිණි තරුණයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධ නඩුවේ පළමුවන සාක්කිකරු ලෙස මනුෂ නානානයක්කාර මහතා නම් කර ඇත. වැඩිදුර නඩු විභාගය නොවැම්බර් 6 වැනිදා කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button