දේශීය පුවත්

මන්ත්‍රී බදුර්දින්ට රැකවරණය දුන් වෛද්‍යවරයෙක් සහ බිරිඳ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සැඟව සිටි දෙහිවල ගල්කිස්ස නගර සභාව ඉදිරිපිට පිහිටි සුඛෝපභෝගී මහල් නිවාසයේ පදිංචිව සිටි වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සැකකරුවෙක් සඟවාගෙන තබා ගැනීමේ චෝදනාවටයි. මෙම වෛද්‍යවරයා සහ ඔහුගේ බිරිඳ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ හිතවතුන් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දෙහිවලට පැමිණීමට පෙර ඔහු රැඳී සිටි ස්ථාන සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button