දේශීය පුවත්

මධූෂ් මියගිය ස්ථානයේ තිබූ යතුරුපැදිය පිළිබඳ රහස එළියට -CCTV දර්ශන සහිතයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ්ට අද (20) අලුයම වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් යතුරු පැදියකින් පළායෑමට තැත්කර තිබුණි.

එම අවස්ථාවේ දී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව සැකකරුවන් දෙදෙනා බිම ඇඳ වැටී තිබූ අතර, පොලිස් නිලධාරීන් එම ස්ථානයට යෑමට උත්සහ කරන විට සැකකරුවන් දෙදෙනා පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇත.

AV Rase

කෙසේ වෙතත් එම යතුරුපැදිය පිළිබඳ සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ එය මීට දින 3කට පමණ පෙර වැල්ලවත්ත ප්‍රදේශයෙන් සොරකම් කරන ලද්දක් බවය.

එම යතුරුපැදිය සොරකම් කරන අයුරු දැක්වෙන සීසීටීවි දර්ශන පහත දැක්වේ.

Source : Adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button